අද දින සිට නුවරඑළියට මල්තුහීන
![](https://epuwath.com/wp-content/uploads/2025/02/නුවරඑළියට-මල්තුහින.jpg)
අද (8) දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අහස අඳුරු වී ඇති ආකාරයත්, දැඩි සීතලත්, මේ දිනවල උදෑසන නුවරඑළියේ පැවතීම විශේෂත්වයක්.
ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
එසේම අද(8) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.