ඉදිරි විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

අද (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදු කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් උදෑසන ප්‍රකාශයක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා කියා සිටියේ, නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.

පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රීය වුණා.