පොළොන්නරු‍වේ රිය අනතුර (PHOTOS)

පොළොන්නරුව අරලගංවිල ප්‍රධාන මාර්ගයේදී කුඩාවැව ප්‍රදේශයේදී 14 වෙනිදා  සවස එකම දිශාවකට ගමන් කළ බස් රථය පිටුපස නැවතූ ත්‍රිරෝත්‍රී රථයේ පිටුපසින් වේගයෙන් පැමිණි ලොරි රථය ගැටීමෙන්, ලොරි රථය හා ත්‍රිරෝද රථය වෙළඳසලකට කඩාවැදි සිදු වූ අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනකු තුවාල ලබා මනම්පිටිය සහ රෝහලට ඇතුළත් කෙරු බව මනම්පිටිය පොලිසිය කියයි.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ එකම පවුලේ සිව්දෙනකු වන අතර ඔවුන් කුඩාවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි, ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද පොළොන්නරුව සහ මනම්පිටිය යන රෝහල්වල ප්‍රකාශකයෙක් අප කළා විමසීමකදී සඳහන් කළේය.

අනතුරට හේතුවක් ලොරි රථයේ රියදුගේ අධික වේගය සහ නොසැලකිලිමත් රිය ධාවනය බවත්, අනතුරට සම්බන්ධ ලොරි  රියැදුරු අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

කදුරුවෙල සිට පැමිණි පෞද්ගලික බස් රථයක් ත්‍රීරෝද රථය ඉදිරියෙන් නවතා තිබු මොහොතේ ඊට පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථ රියදුරු වේගයෙන් පැමිණෙන ලොරි රථය දැක ඒ මොහොතේ පාරෙන් ඉවතට ගැනීමට උත්සහා ගැනීමත් සමඟින් ලොරි රථය ත්‍රිරෝධ රථයේ ගැටී ඉදිරියට තල්ලු කරගෙන ගොස් අසල තිබූ අසල තිබූ තාවකාලික වෙළඳසැලක ගැටී ඇති අතර අනතුරෙන් වෙළඳසැලට ද අලාභානි සිදුව ඇති බවද පොලිසිය පවසයි.

මෙම අනතුර පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් සිදුකරයි.

දුලංජලා අබේසිංහ දෙහිඅත්තකන්ඩිය