වතු නිවාස පෙළක ගින්නක්

මස්කෙලිය මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක හටගත් ගින්නකින් නිවාස 8ක් සම්පුර්ණයෙන්ම විනාශ වුණා.

ඊයේ රාත්‍රීයේ 11.30ට පමණ හටගත් ගින්න නිවා දැමීමට වතු කම්කරුවන්, පොලිස් නිලධාරීන් හා මාඋස්සාකැලේ යුදා හමුදා කඳවුරේ බටපිරිස් ක්‍රියාකළා.

මෙම වතු නිවාස පෙලිය නිවාස 12කින් සමන්විතයි.

ඒ අනුව නිවාස 4කට ගින්න පැතිර යාම වැළැක්වීමට හැකිවුණා.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගත් බවටයි සැක කෙරෙන්නේ.

ගිනි ගත් නිවාසවල සිටි පුද්ගලයන් 21 දෙනෙකු ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව රඳවා තිබෙනවා.