උත්සවයට පැයක් ප්‍රමාද වී පැමිණ චීනයේ පරම සතුරාට ස්තුති කල අපේ අගමැතිනිය
උත්සවයට පැයක් ප්‍රමාද වී පැමිණ චීනයේ පරම සතුරාට ස්තුති කල අපේ අගමැතිනිය
මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමේ උත්සවයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් විශාල රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවී තිබෙන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
එහිදී අගමැතිනි හරිවි අමරසූරිය මහජන චීන සමූහාණ්ඩුවේ (People’s Republic of China (PRC) ඓතිහාසික සතුරෙකු ලෙස සැලකෙන ‘චීන ජනරජයට’ (‘Republic of China’ ROC – තායිවානය) ස්තුති කළේය.
අදාළ උත්සවය සඳහා අග්‍රාමාත්‍යවරිය පැයක පමණ කාලයක් ප්‍රමාද වී පැමිණි අතර චීන තානාපතිවරයාද ආපසු ගොස් නැවත ඇය පැමිණීමත් සමග උත්සවයට පැමිණියේය.
මේ අතර පසුගිය සඳුදා ඉරාක තානාපති කාර්යාලයේ පැවති උත්සවයක් සඳහා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාට සහභාගී වීමට ආරාධනා කර තිබියදීත් ඔහු එහි පැමිණ සිටියේ නැති බවත් අමාත්‍යවරයාගේ නොපැමිණීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ද නොකළ බවද සඳහන්ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමාට කරතිබූ ආරාධනාව පිළිගෙන එහි පැමිණ තිබින.
ශ්‍රී ලංකාවේ ජාතික ධජය හා ඉරාකයේ ජාතික ධජය වේදිකාවේ තිබුණද ශ්‍රී ලංකාවේ රජයේ කිසිදු නියෝජිතකු නොමැතිව එම උත්සවය පැවැත්වී ඇත.