සාමාන්‍ය පෙළ ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට පියවර

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය 2024 (2025) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් කැඳවීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන්නේ.

එළැඹෙන මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් භාර ගැනීමට නියමිත  බවයි  දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.