ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay පෙබරවාරි 7 එළිදකී
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස GovPay පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම සමාරම්භක උත්සවය පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබෙනවා.
ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.