මිත්තණියගේ බෙහෙත් බිව්ව සිඟිත්තාට දිවි අහිමි වෙයි

මාන්කුලම, කට්කුවාරි ප්රදේශයේදී මිත්තණියගේ ඖෂධ පානය කළ දරුවෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, එම දරුවා නිවසේ සිටියදී මිත්තණියගේ ඖෂධ පානය කර රෝගාතුරව ඇති බවයි.
කිලිනොච්චිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් තිබෙනවා.
මියගිය දරුවාගේ වයස අවුරුදු එකහාමාරකි.