කටාර් හි නව ශ්‍රී ලංකා තානාපනිතිය ලෙස පත්වූ සිතාරා ඛාන් වැඩ භාර ගනී
කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය පසුගියදා දෝහා හිදී වැඩ භාර ගෙන තිබෙනවා.
ඇය කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස තේරීපත් වූ පළමු කාන්තාවද වෙනවා.
1998 වසරේදී විදේශ සේවයට සම්බන්ධ වූ ඇය මෙරට විදේශ කටයුතු පිළිබඳ වසර 27ක සේවා අත්දැකීම් ඇති තැනැත්තියකි.
විදේස රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු දරා ඇති ඇය, ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපය සඳහා අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර තිබෙනවා.
රාජකාරි භාරගැනීමෙන් පසු කාර්ය මණ්ඩලය අමතමින් තානාපති සිතාරා ඛාන් අසාද් මහත්මිය ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා සහ ශ්‍රී ලංකාව සහ කටාර් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බව පැවසුවා.
විශේෂයෙන් ම දෙරට අතර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය තීව්ර කිරීම සහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම අවශ්‍යව තිබෙන බව ඇය අවධාරණය කරනවා.