තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නැහැ.
මේ මස මුලදී ද තායිවානයේ ඇති වූ භූකම්පනයකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර එහිදී පසු කම්පන 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.