හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව හෙරොයින්  කිලෝ එකයි ග්‍රෑම් 105ක් තිබූ අතර ඔහු ඒවා ග්‍රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටියදී මාලිගාවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

තවද ඔහු සතුව තිබී මුදලින් තවත් රුපියල් ලක්ෂ හත හමාරක්ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරයි.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර ඔහු දැනට ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් බවටද මේ වන විට අනාවරණය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.