Clean Sri Lanka වැනි වැඩසටහන් මහ පොළොවේ පැල කරන්න බැහැ – දිලිත්

Clean Sri Lanka වැනි වැඩසටහන් මහ පොළොවේ පැල කිරීමට නොහැකි වන්නේ යථාර්ථය හා බද්ධ නොවන නිසා බව සර්ව ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා. ඒ අනුව රජය ඉදිරිපත් කරන Clean Sri Lanka සංකල්පය හා ජනතාව අද සිටි​න තැන අතර පරතරය ඉතා විශාල බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. රට​ම හෙම්බත් වී ඇති බවත්, ජනතාවට අද ලුණුයි බතුයි හෝ නොමැති තත්ත්වයකට පත්ව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Clean Sri Lanka වැනි වැඩසටහන් මහ පොළොවේ පැල කිරීමට නොහැකි වන්නේ යථාර්ථය හා බද්ධ නොවන නිසා බව සර්ව ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.
ඒ අනුව රජය ඉදිරිපත් කරන Clean Sri Lanka සංකල්පය හා ජනතාව අද සිටි​න තැන අතර පරතරය ඉතා විශාල බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
රට​ම හෙම්බත් වී ඇති බවත්, ජනතාවට අද ලුණුයි බතුයි හෝ නොමැති තත්ත්වයකට පත්ව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.