අවශ්‍ය අයට නිවාස ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි

කඳුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 5400ක් මේ වසර අවසන් වීමට පෙර ඉදිකරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

දේශපාලන හිතවත්කම් බැහැර කරමින් අවශ්‍ය අයට නිවාස ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්ති බවයි අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේ.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් හඳුනාගෙන ඇති නායයාමේ අවදානමට ලක්ව තිබෙන වතු නිවාස සඳහා විශේෂ අවධානය යොමු කරමින් නව නිවාස ලබාදෙන බව ද ඒ මහතා කියා සිටියා.