සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ

ඇද හැලෙන අධික වැසි හමුවේ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අඟල් 6 බැගින් වාන් දොරටු 5ක් විවෘත කර ඇති අතර පැයකට පසු එම වාන් දොරටු අඟල් 12ක් දක්වා විවෘත කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් එම ජලාශය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.