දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයකට සැරසෙයි

දුම්රිය ස්ථානාධිපති බඳවා ගැනීම් පටිපාටිය අනුමත කිරීම සහ වසර පහෙන් පහට උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් ආර්.එම්.එස්.පී. ජයසුන්දර විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති මෙම කාර්යය දිගින් දිගටම ප්‍රමාද කිරීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරු දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත.

ඉදිරි දින 14 තුළ විසඳුමක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියා මාර්ගයකට එළැඹීමට සිදුවන බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් ඇත්තේ.