‘පොඩි ලැසී’ ඇප මත නිදහස් කරයි
‘පොඩි ලැසී ’ ඇප මත නිදහස් කරයි
රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් ‘පොඩි ලැසී’ අද පෙරවරුවේ බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ ඇප මත මුදාහැර තිබේ.
මේ අතර විශේෂ කාර්ය බලකාය විසින් 12.08 වන දින බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි කිරීමක් සිදුකර ඇත.
එහි දී පොඩි ලැසි රඳවා සිටි සිර මැදිරිය පිටුපසට නාන ස්ථානයේ කොන්ක්‍රිට් කොටස යට සුක්ෂම ලෙස සඟවා තිබියදී ස්මාර්ට් ජංගම දුරකථනයක් හැන්ප්‍රි එකක් සොයා ගත් බව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පවසයි.