උණුසුම් පුවත් නව වසර උදාව වෙනුවෙන් අද කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් Shashika vimukthi 31/12/2024 2025 නව වසර උදාව නිමිත්තෙන් අද (31) දිනයේ ගාලු මුවදොර පරිශ්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මූලස්ථානය පවසනවා.අද දිනයේ නව වසර උදාව සැමරීම සඳහා ගාලු මුවදොර පරිශ්‍රය වෙත විශාල ජනතාවක් සහ රථ වාහන ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි එහි දැක්වෙන්නේ.මේ හේතුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් එය අවම කරගැනීමට මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාවට නංවා ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.මුදල් අයකිරීමක් සහිත පුද්ගලික රථගාල් පිහිටි ස්ථානපිටකොටුව – බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාලකොටුව – විමලධර්මසූරිය ඔරලෝසු කණුව අසල – චාමන්ස් රථ ගාලරාසික් ෆරීඩ් මාවත – හේමාස් රථගාලඩී.ආර්. විජේවර්ධන මාවත – ලේක් හවුස් රථගාලකොම්පඤ්ඤ වීදිය – යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය ඇක්සස් ටවර් රථගාලමරදාන – ගාමීණී වට රවුම St Clement රථගාලපහත සඳහන් නිදහස් රථගාල් සහ මාර්ග දෙපස, මුදල් අයකිරීමකින් තොරව අවහිරතා ඇති නොවන පරිදි රථවාහන ගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.කොටුව පොලිස් වසමේ බාල දක්ෂ මාවත MOD රථගාලකොල්ලුපිටිය පොලිස් වසමේ මුහුදු බඩ මාර්ගයකොටුව හා මරදාන පොලිස් වසම්වල D.R. විජේවර්ධන මාවතකොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පාසන්ස් පාර පිට වීමේ තීරුව පමණක්කොටුව පොලිස් වසමේ ලේඩින් බැස්ටියන් මාවතකොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදියකොටුව පොලිස වසමේ ඩියුක් වීදියගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථවාහන නැවතුම් ස්ථාන (Parkaing Bays) වල පමණක්කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වට රවුම දෙසට ඇතුල් වීමේ තීරුව (වම්පස)කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ්.ආර්. සේනානායක මාවත.කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත හන්දියේ සිට රීඩ් මාවත, තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පසකුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා මාර්ගයේ දකුණු පසකුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙසකුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතනය පාරහෙට දිනයේ මෙම කලාපයේ ඇති වන රථවාහන අවහිරතාව මගහැරවීම සඳහා සවස 4.00 සිට ගාලු මුවදොර පරිශ්‍රය ආශ්‍රිතව පහත සඳහන් පරිදි රථවාහන ගමනා ගමනය සිදු කිරීමට සලස්වනු ලබයි.කොළඹින් පිට වන බර වාහන හා බස් රථ සෙරමික් හන්දියෙන් රීගල් හන්දිය ඔස්සේ ඩී.ආර්. විජේවර්ධන මාවත සහ චිත්තප්පලම් ඒ. ගාර්ඩ්න් මාවතෙන් කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට යොමුකර සැහැල්ලු වාහන සෙරමික් හන්දියෙන් ලෝටස් පාර, එන්. එස්. ඒ වටරවුම, ගාලු මැද පාර එම්. ඕ. ඩී හන්දියට පැමිණ බාල දක්ෂ මාවත ඔස්සේ අලියා නාන වටරවුම, උත්තරානන්ද මාවත, ශාන්ත මයිකල් වටරවුම, ලිබර්ටි වටරවුම දෙසට පිට වීම.ගාලු මුවදොර පිටිය දෙසට ඇතුළු වන බර වාහන හා බස් රථ කොල්ලුපිටිය හන්දියෙන් ධර්මපාල මාවත ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හන්දිය, ඩාර්ලි පාර, මරදාන පාලම හන්දිය, කාර්මික විද්‍යාල හන්දිය, ඔස්සේ කොළඹට ඇතුළුවීම සිදු කරනු ලබන අතර සැහැල්ලු වාහන කොල්ලුපිටිය හන්දිය, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මාවත, ලංකා බැංකු මාවත ඔස්සේ ඇතුළුවීම සිදුකරනු ලබයි.මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී කොළඹ නගරයේ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගයක් අවහිර වන සේ කිසිඳු වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර මෙම රථවාහන නීති උල්ලංඝනය කරනු ලබන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවත් පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබේ. Continue Reading Previous පොලිස් නිල YouTube නාලිකාවට සයිබර් ප්‍රහාරයක්Next රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් More Stories උණුසුම් පුවත් ගමනාගමන ගැටලු විසඳීමට ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් වැඩපිළිවෙළක් Janaka Balalla 31/01/2025 උණුසුම් පුවත් ජනාධිපති ලේකම් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් Janaka Balalla 31/01/2025 උණුසුම් පුවත් ජපන් රැකියා සඳහා පුහුණු සංචිතයක් Janaka Balalla 31/01/2025