රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් වළක්වාලමින් අධිකරණ නියෝගයක්

රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගතනොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් අද (04) දින වැලිකඩ පොලිස් වසමේ පොල්දූව මංසන්ධියේදී සිදුකරන විරෝධතාවයට අධිකරණයෙන් නියෝගයක් නිකුත්කර තිබෙනවා.
පොල්දූව මංසන්ධියේදී විරෝධතාවය පැවැත්වීමට නියමිත අතර, මාර්ග අවහිර කරමින් මහජනතාවගේ ගමනාගමනය අවහිර වන සේ එය සිදුකරනු ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම අධිකරණ නියෝගය ලබාගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම විරෝධතා පා ගමන වළක්වන ලෙසට කරන ලද ඉල්ලීම් අනුව,
1. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිලාභී වශයෙන් කටයුතු කරන සුදේශ් රූපසිංහ
2. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් ධම්මික මුණසිංහ
3. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් අමන්දා ගමගේ
4. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් දිනුෂා
ඒකනායක
5. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් පූර්ණිමා නදීෂා සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය ලබාදී ඇති බව පොලිසිය සඳහන් කරනවා.