අධිකරණයට භාරවූ වැඩබලන OICට ඇප

අද (04) උදෑසන මාතර මහෙස්ත්රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබෙනවා .
ඔහුව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කර තිබෙන්නේ .
වැලිගම පැලෑන ප්රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මෙලෙස අධිකරණයට බාරවී තිබුණා .
සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර හෙට (05) දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද නියෝග කර තිබෙන බවයි සඳහන් වන්නේ .