ජනපති චීනයේ බෙයිජිං අගනුවරට ළඟා වෙයි
රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ බෙයිජිං අගනුවරට ළඟා වුණා.
සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.
අද (14) සිට ලබන 17 වනදා දක්වා ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන අතර එහිදී චීන ජනාධිපති ෂී ජින් පින්ග් , චීන අග්‍රාමාත්‍ය ලී කර්චියෑන්ග් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.
එමෙන්ම ජනාධිපතිවරයා තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිදුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටුකරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගිවීමට සැලසුම් කර තිබෙනවා.
ඉහළපෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද අනුර කුමාර දිසානායක මහතා සහභාගිවීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය සම්බන්ධයෙන් එරට විදේශ අමාත්‍යංශය විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මෙම සංචාරය දෙරටටම අතිශයින් වැදගත් බවයි.