“වතු” දෙමළ වෙනුවට “උඩරට” දෙමළ

වසර දෙසියයක පමණ කාලයක් තිස්සේ මෙරට වතුකරයේ දෙමළ ජනතාව හැඳින්වීමට භාවිත කරන ”වතු” දෙමළ නාමය වෙනුවට ”උඩරට” දෙමළ යන නාමය භාවිතය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පසුගිය දා පැවැති තෛපොංගල් උත්සවයට එක්වෙමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා මේ පිළිබඳ පැවසුවා.

ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල තේ වගා කටයුතු සඳහා ඉන්දියාවෙන් මීට වසර දෙසීයකට පමණ පෙර මෙරටට ගෙන්වූ දෙමළ භාෂාව කතා කරන ජනතාව ”වතු” දෙමළ ලෙස හඳුන්වන අතර, ඔවුන් රට තුළ ඉතා අඩු පොදු වරප්‍රසාද සහ අඩු පොදු පහසුකම් හිමිවන ජනතාවක් බව නොරහසක්.

උතුරු නැගෙනහිර පළාත්වල හා එම ප්‍රදේශවලට නෑදෑකම් කියන දිවයිනේ අනෙකුත් පළාත්වලන වෙසෙන දෙමළ ජනතාව වතුකරේ දෙමළ ජනතාවව සමග සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප

දිගු කාලයක් තිස්සේ කුඩම්මාගේ සැලකිලි ලබන වතුකරයේ දෙමළ ජනතාව තමන් ”වතු” දෙමළ ලෙස නොව, ”උඩරට” දෙමළ (මලෛගම්) ලෙස පිළිගන්නා ලෙස පැවැති රජයන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියත් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් මේ වෙන තෙක් ලැබී නෑ.