නව මන්ත්‍රීවරුන් පස්දෙනකු අනිද්දා දිවුරුම් දෙයි

නව මන්ත්‍රීවරුන් පස්දෙනකු අනිද්දා දිවුරුම් දෙයි

නව මන්ත්‍රීවරුන් පස්දෙනකු අනිද්දා (17දා) පාර්ලිමේන්තුවේදී කථානායක ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මෙන්ම සමගි ජන බලවේගය සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, මොහොමඩ් ඉස්මයිල්, මුතු මොහොමඩ් යන මහත්වරුන් අභිනව මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.

පසුගිය මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදීmපෙරමුණ සහ සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වෙනුවෙන් ඔවුහු දිවුරුම් දෙති. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම පත්වී සිටිති

 

Diwaina – අකිත පෙරේරා