ඇමති නලින්දගෙන් වෘත්තීය සමිතිවලට ආරාධනාවක්
![](https://epuwath.com/wp-content/uploads/2025/02/ඇමති-නලින්දගෙන්-වෘත්තීය-සමිතිවලට-ආරාධනාවක්.jpg)
වැඩවර්ජන උද්ඝෝෂණවලින් තොර විධිමත් කාර්යක්ෂම සේවාවක් සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ගොඩනැගීමට එක්වන ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෘත්තිය සමිතිවලට ආරාධනා කළා.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය සේවාවේ වෘත්තිය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.
සෞඛ්‍ය වෘත්තිකයන් මුහුණ දෙන බුද්ධිය ගැටලු විසඳමින් ඔවුන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සදහා සාකච්ඡා වැඩසටහන් මාලාවක් පැවැත්වෙනවා.
ඒ අමාත්‍යවරයාගේ අදහසකට අනුවයි.
සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලු වෘත්තියක් සිය වෘත්තින් අතර මනා අවබෝධයක් තබා ගනිමින් රාජකාරී අකුරටම ඉටුකිරීම ප්‍රශංසනිය බවයි අමාත්‍යවරයා මෙහිදි පැවසුවේ.
වෘත්තිය සමිති නියෝජිතයන් ඉදිරිපත් කළ බොහෝ වෘත්තිය ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.