ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි

ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළ ආරම්භ කර ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

විපක්ෂය විසින් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

වංචනිකයින් සහ දූෂිතයින් ඇල්ලීමේ ආයතනික ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවත් ඒ අනුව ඉදිරියේදි වැරදිකරුවන්ට එරෙහිව විධිමත් ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආර්ථිකය යථාතත්වයට පත්කිරීමට ක්‍රමානුකූලව රජය කටයුතු කරමින් සිටින බවයි.