වසර 9කට වනඅලි මරණ 3, 477ක් – මිනිස් ජීවිතත් 1, 190ක් අහිමි වෙලා
![](https://epuwath.com/wp-content/uploads/2025/02/වෛද්‍ය-ධම්මික-පටබැඳි-මහතා-වාර්තාවක්.jpg)
පසුගිය වසර 9ක කාලය තුළ දී ලංකාවේ වනඅලි මරණ 3,477ක් සිදුව ඇතැයි අද (06) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණා.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, 2015 – 2019 කාලය තුළ දී වනඅලි 1,466ක් මියගොස් ඇති අතර, 2020- 2024 කාලය තුළ වනඅලි 2,011ක් මියගොස් ඇති බවයි.
එසේම වන අලි පහරදීම්වලින් පසුගිය වසර 09 තුළදී මිනිස් ජීවිත 1,190 ක් අහිමිව ඇති බවත්, 2015 – 2019 කාලයේ දී මිනිස් ජීවිත 456 ක් සහ 2020 – 2024 යන කාලයේ දී ජීවිත 734 ක් මෙලෙස අහිමි වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
වන අලි මෙන්ම මිනිසුන් මුහුණ පා ඇති මෙම අර්බුදකාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමුකර ඉදිරි අයවැයේ දී ඊට විසඳුම් සෙවීම සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.