SL vs AUS පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාවට අතර ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි. .

ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 136ක් ලබා සිටියා.

ඊයේ දිනයේත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් දිනය නිමාවට පෙර තරගය නතර කිරීමටයි තරග තීරකවරුන්ට සිදු වුණේ.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 654ක් රැස් කර සිටියා .