ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් ඉදිරිපත් කළ ඇප පෙත්සම ඉල්ලා අස්කර ගනියි

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්දසිරි මල්ලවාරච්චි මහතා ඉදිරිපත් කළ ඉල්ලීම ඔහුගේ නීතිඥවරුන් ඉල්ලා අස් කරගත්තා.
මෙම පෙත්සම අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
2014 වසරේදී ක්‍රීඩා භාණ්ඩ මිලදි ගැනීමේදී සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්නදිරි මල්ලවාරච්චි මහතා අත්අඩංගුවට ගැනීමට පෙර මෙසේ අපේක්ෂිත ඇපයක් ඉල්ලුම් කළා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයේදී කියා සිටියේ සිද්ධියට අදාළ නඩුකරය පිළිබද 2015 වසරේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇති බවයි.
ඊට අදාළව පෙත්සම්කරු මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් ලබාදී ඇති බව ද සඳහන් කළා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් 2015 වසරේ ගොණු කෙරුණු මෙම නඩුකරය සම්බන්ධයෙන් පියවර ගැනීමට 2025 වසර දක්වා බලා සිටියේ ඇයිදැවි ප්‍රශ්න කළා.