කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කෙරේ
ශ්රී ලංකාවේ, පවතින අයහපත් කාලගුණයත් සමග කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 12ම විවෘත කර ඇති බව අප වාර්තාකරු පවසනවා.
වාන් දොරටු 8ක් අඩි එකහමාර බැගින්ද වාන් දොරටු හතරක් අඩිය බැගින් ද විවෘත කොට පවතින ජලධාරිතාවෙන් තත්පරයට ඝනඅඩි 4500 ජලධාරිතාවයක් කවුඩුල්ල ජලාශයට මුදා හැරෙනවා.
කවුඩුල්ල ජලාශය දෙපස ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමෙන්ම දසවැනි පාර්ලිමේන්තුවේ, අන්තර් පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්රී ලංකා – සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව කථානායකවරයා සඳහන් කළා.