විදුලිබිල සමස්තයක් හැටියට 20%කින් අඩුකරනවා – බලශක්ති ඇමති

විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.

ඒ අනුව ජනවාරි 17 වන දින රාත්‍රි දොළහේ සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බව රටේ සියලු විදුලි පාරභෝගිකයන්ට දැනුම් දෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

බලශක්ති අමාත්‍යවරයා අද (18)  විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“රටේ සියලු ජනතාවටත් විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයට හා කර්මාන්තකරුවන්ටත් මෙහි ප්‍රතිලාභ ඉහළින් ලැබුනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.ඒ වගේම විදුලිබිල මේ වගේ සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම ජනතාවට ලොකු සහනයක් බව මම දන්නවා.රජයක් හැටියට අපහසුතා දරාගෙන ඒවා කළමනාකරණය කරමින් ජනතාවට සහන ලබාදෙන්න පුළුවන්වීම ගැන සතුටුයි”

මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනය