ඉන්ධන මිල සංශෝධනය කෙරේ
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06 කින්ද, රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇත. වෙතත් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.