2024 සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්කරුවන්ට විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
2024 සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්කරුවන්ට විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) අද මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වන බව භාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා,
“පාසල් අපේක්ෂකයින්ගෙන් හා පෞද්ගලික අපේක්ෂකයින්ගෙන් අද දිනය ඇතුළත තමන්ගේ අයඳුම්පත් යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා . කිසිදු හේතුවක් නිසා අද දින මධ්‍යම රාත්‍රී 12න් පසුව අයඳුම්පත්‍ර භාරගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මම තදින්ම අවධාරණය කරනවා මේ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන යම් අයෙක් වේනම් රාත්‍රී 12ට පෙර ඔබගේ අයඳුම්පත මාර්ගගත ආකාරයට ඉදිරිපත් කළ යුතුයි. එය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.”