රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා යාපනය රොහලේ කටයුතුවලට බාධා කරයි

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා යාපනය රොහලේ කටයුතුවලට බාධා කරයි

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා යාපනය රෝහලට අවසරයකින් තොරව ඇතුළු වී රෝහල් කටයුතුවලට බාධා වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් එම පැමිණිල්ල ඉදිරිපත් වී ඇති බව යාපනය පොලීසිය පවසයි.

යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර මීට පෙර ද රාමනාදන් අර්ච්චුනා මහතා වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන සමයේ මන්නාරම රෝහලට ඇතුළු වී රෝහලේ කටයුතුවලට බාධා කළ බවට එම රෝහල් අධ්‍යක්ෂ විසින් මන්නාරම පොලීසිය වෙත පැමිණිලි කර තිබූ බව වාර්තා වේයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් පවතින බව යාපනය පොලීසිය සඳහන් කළේය.