2024 වස​රේදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 3.16ක ආදායමක්

2024 වසරේ දී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 53.2% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2024 වසරේ දී පැමිණ ඇති 2,053,465ක් වූ සංචාරකයින් ප්‍රමාණය හරහා ඩොලර් මිලියන 3,168.6 ක ඉපැයීමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන බවයි සඳහන් වෙන්නේ.

2023 වසරේ දී ශ්‍රී ලංකාවට 1,487,303 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබෙන අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068 ක් බවද සඳහන් වනවා.