කල් ඉකුත් වූ රූපලාවන්‍ය නිෂ්පාදන තොගයක් වටලයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා කල් ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව කළ විමර්ශනයක දී මේ සම්බන්ධයෙන් තහවුරු කරගෙන ඇත.
තහවුරු කරගත් තොරතුරු අනුව, විශේෂ වට්ටම් සහිතව විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ අදාල කල් ඉකුත් වූ භාණ්ඩ තොගය සොයාගත් බවත්, මේ පිළිබඳ ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත්, එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන ලදි.