පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිට වසර 20 ක සිර දඬුවමක්
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති Alejandro Toledo හට වසර 20 ක සිර දඬුවමක් නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.අල්ලස් ලබාගැනීමේ චෝදනාවලට වරදකරුවෙකු වීම හේතුවෙන් මෙම දඬුවම නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.පේරු හා බ්‍රසීලය යා කෙරෙන මාර්ගයක් ඉදිකිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන්, ඉදිකිරීම් සමාගමකින් ඩොලර් මිලියන 35ක අල්ලස් ලබාගැනීම ඔහුට එල්ල වූ චෝදනාවක් බවයි සඳහන් වෙන්නේ.අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා හේතුවෙන් ඔහු 2019 වසරේදී අත්අඩංගුවට ගෙන තිබුණා.