වැල්ලවාය වීරත්තගල යාය කඳු රක්ෂිතයේ ගින්නක්
![](https://epuwath.com/wp-content/uploads/2025/02/වැල්ලවාය-වීරත්තගල-යාය-කඳු-රක්ෂිතයේ-ගින්නක්.jpg)
වැල්ලවාය වීරත්තගල යාය කඳු රක්ෂිතයේ ගින්නකින්,අක්කර 5 කට වඩා ගිනිගෙන විනාශ වී තිබෙනවා.
වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම කඳු රක්ෂිතයේ ගින්න හටගෙන තිබුණේ ඊයේ පස්වරුවේයි.
අද උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කර තිබුණා.
කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි ප්රදේශවාසීන් සැක පලකරන්නේ