පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට බෙදුණු තීන්දුවක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (14) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බෙදුනු තීන්දුවක් ලෙස ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරුවන් දෙදෙනෙක් සඳහන් කර ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බවයි.
එසේම අනෙක් විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.