ජිහාඩ් කැරලිකරුවන් සිරියාවේ බලය තහවුරු කර ගනී
ජිහාඩ් කැරලිකරුවන් සිරියාවේ බලය තහවුරු කර ගනී
පුරා වසර 54ක් සිරියාව පාලනය කළ අසාද් පාලනය බිඳවැටී තිබේ. ඊයේ පෙරවරුවේ ජිහාඩ්
කැරලිකරුවන් සිරියාවේ ඩැමස්කස් නුවර බලය තහවුරු කරගත් අතර ඒ වනවිට, සිරියා
ජනපති බෂාර් අල් අසාද් රටින් පලාගොස් තිබිණ සෙනසුරාදා දිනයේ සිරියානු රජය නිවේදනය කර තිබුණේ ජනපතිවරයා සිය කාර්යාලයේ කටයුතු කරන බවයි. එහෙත්සෙ නසුරාදා සවස් වන විටම සිරියානු රජයේ හමුදා සිය බැරැක්ක හැරගොස් තිබිණි. එම නිසාම කැරලිකරුවන් සෙනසුරාදා රාත්‍රියේ සිටම නගරය අසලට පැමිණෙමින් සිටියහ.
වර්තමාන සිරියානු ජනාධිපතිවරයා පුරා වසර 24ක් එරට බලයේ සිටියේය. ඔහුට එරෙහිව 2011 සිට විරෝධතා ඇරඹුණු අතර පසුව එය සිවිල් යුද්ධයක් බවට පත් විය. මේ නිසා ලක්ෂ පහකට අධික පිරිසක් මියගිය අතර තවත් මිලියන ගණනකට උන්හිටිතැන් අහිමි විය.
2015 දී රුසියානු හමුදා සිරියාවේ සහයට පැමිණි අතර එනිසා අයිසිස් සංවිධානය මෙන්ම අසාද්ට එරෙහිව සටන් වැදුණු සංවිධාන ද පරාජය කර රටේ 70%ක පමණ ප්‍රදේශයක බලය තහවුරු කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි විය. මේ සඳහා ඉරානය සහාය ලබාදෙන හිස්බුල්ලා සංවිධානය මෙන්ම අනෙකුත් ෂියා ආගමික සන්නද්ධකණ්ඩායම් ද එක් විය.
කෙසේ නමුත් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානය මර්දනය කිරීමේ සටන අසාද් ජනපතිට සහායවූ බලවේග දුර්වලවී පැවතියේය. සිරියානු රජයට එරෙහිව කැරලිකරුවන් සඳහා තුර්කි ආණ්ඩුවේ සහාය ලැබී තිබිණි.
හයාත් තුරීර් අල් ෂාම් බළකාය අසාද් පාලනයට එරෙහිව සටන් මෙහෙයවූ අතර එහි නායකයා වන්නේ අබු මොහොමඩ් අල් ජෙලානි වේ. මේ කණ්ඩායම් එදා සිරියාවේ සටන් කළ අල් නුෂ්රා කණ්ඩායමයි.
කෙසේ නමුත් මොහොමඩ් ජෙලානිගේ හිසට ඇමරිකාව ඩොලර් මිලියන 10ක් වෙන්කර තිබේ. මේ සංවිධානය ඇමරිකාව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ එකකි. නමුත් සිරියාවේ සටන් සඳහා මැදිහත් නොවන බව ඇමරිකාව කියයි. අසාද් පාලනය බිඳවැටීම බටහිර ආසියානු කලාපයම අස්ථාවර කරන්නකි.
Diwaina – චතුර පමුණුව