සතොසෙන් අඩුවට පාන්පිටි සහ හාල්මැස්සෝ

එළඹෙන රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් හාල් මැස්සන් සහ පාන් පිටි මිල පහත දමා ඇත.
දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද දින (10) සිට ලබා ගත හැකියි.
ඒ අනුව, හාල්මැස්සන් (1kg) ක මිල රුපියල් 125 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියක් 1200ක් වේ.
එමෙන්ම පාන් පිටි මිල රුපියක් 07 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 185ක් ලෙසටයි.