දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනපති Yoon Suk Yeol අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙරද ඔහුව අත්අඩංගුවට ගැනීමට දූෂණ විමර්ශන නිලධාරීන් කටයුතු කළද හමුදා භටයන් සහ ජනාධිපති ආරක්ෂක අංශය එකතුව එම උත්සාහය ව්‍යර්ත කර තිබුණා.

දකුණු කොරියාව තුළ හමුදා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් වී තිබූ අතර කැරැල්ලකට නායකත්වය ලබාදීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස වාර්තා වනවා.

ඔහුට ඇති චෝදනා අනුව දඬුවම ලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ පෝරකයට නියම වීම සිදුවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.