දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට නව අංකයක්

දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා 107 නව පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.

මෙම අංකය භාවිතයෙන්  විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජනතාවට  දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කර ඇත.