විජය කුමාරතුංග 37 වැනි ගුණානුස්මරණය සැමරේ

මානව හිතවාදියෙකු , දේශපාලනඥයෙකු  ,ජනප්‍රිය කළාකරුවෙකු වූ විජයකුමාරතුංග මහතාගේ 37 වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා.

37 වන ගුණානුස්මරණ උත්සවය කටුණායක 18 කණුව ප්‍රදේශයේ විජය කුමාරතුංග පිළිරුව අසලදී පැවැත්වුණා.

ඒ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ගුණානුස්මරණ උත්සවයට පවුලේ ඥාතීන් , දේශපාලනඥයින් මෙන්ම කලාකරුවන් විශාල පිරිසක් එක්ව සිටියා.

මේ අතර විජයකුමාරතුංග මහතාගේ 37 වන ගුණසමරුව වෙනුවෙන් සංවිධාන කෙරුණු තවත් උත්සවයක් ඊයේ දින කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ විජය කුමාරතුංග ගුණානුස්මරණ කමිටුව එය සංවිධාන කර තිබුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා , දේශපාලනඥයින් , කලාකරුවන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.