සංවිධානාත්මක අපරාධ රැල්ල මර්දනයට STF බළකායේ සහාය

රට පුරා දිගින් දිගටම සිදුවන සංවිධානාත්මක අපරාධ මර්දනයට පොලිස් විශේෂ කාර්ය බළකායේ 400ක් යොදවන බව මහජන ආරක්‍ෂක ඇමැති, ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ  අපරාධ වැඩි වශයෙන් පවතින ප්‍රදේශ හඳුනාගෙන පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන් මෙලෙස යොදවන බවයි.

පසුගිය කාලයේ මැති ඇමැතිවරුන්ගේ ආරක්‍ෂාවට අනවශ්‍ය ලෙස පුහුණුව ලත් පොලිස් නිලධාරීන් යොදවා සිටි අතර, ඔවුන් එම ප්‍රභූ ආරක්‍ෂක කටයුතුවලින් ඉවත් කිරීම මගින් අපරාධ මැඬීමේ මෙහෙයුම් සඳහා මේ ආකාරයට යොදා ගැනීමට අවස්ථාව ලැබී තිබෙන බව වැඩිදුරටත් පවසනවා.