කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායකදී අයෙක් කොටුවෙයි

රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු අද (05) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ , බැංගලෝර් නුවර රැකියාවක නිරත 34 හැවිරිදි අයෙක්.
මොහු (05) දින අලුයම 01.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ආහාර අඩංගු පැකට් තුළ , මෙම කුෂ් මත්ද්‍රව්‍ය 5kgයි 200g ක් සඟවා ගෙන දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් භාරයට ගෙන තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතයි.