ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල කඩිනමින්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර බැලීමේ කටයුතු මේ වන විට  සිදුවන බැවින් එම විභාගයේ ප්‍රතිඵල කඩිනමින් ලබාදිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

“ඇත්තටම අපි අවාසනාවන්තයි මේකට මෙච්චර කාලයක් ගිය එක ගැන. නමුත් ඒකට හේතුව වුණේ, පහ වසර විභාගය සමග පැන නැඟුණ අර්බුදය සමග ඇති වු උසාවි නියෝගය නිසයි අපිට ප්‍රශ්නපත්‍ර ඇගයීම අත්හිටුවන්න සිදුවුණේ. අපි ඉතා ඉක්මනින් ඒක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.”