ඉන්ධන බෙදා හැරීම අඩපණ කිරීම සම්බන්ධව CIDයට පැමිණිල්ලක්

ඉන්ධන බෙදාහරින නියෝජිතයින් යැයි කියාගන්නා පිරිසක් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපණ කරමින්, රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් කටයුතු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙන බව වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සහ අස්ථාවරභාවයක් ඇතිකර මහජන පීඩාවක් ඇති කරන තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.