අනුර ප්‍රියදර්ශන යාපාට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

2014 වසරේදී රුපියල් මිලියන 6.1 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත ඔහු ඊයේ (22) අත්අඩංගුවට ගත්තා.