ආණ්ඩුව වෙනස් වූ පමණින් සිතූ පැතු සම්පත් පහළ වෙන්නේ නැහැ – නලින්ද ජයතිස්ස

වත්මන් ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ මානව සම්පතේ වර්ධනය කිරීම බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව ආණ්ඩුව අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු බර තැබීමක් සිදු කරන බවත් තැන් තැන්වල විසිරී තිබූ විෂය පථයන් එක ස්ථානයට ගෙනැවිත් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

රජයට ආයතන ගණනාවක් තිබුණද එහි සියලු දෙනා යම් ජාතික සැලැස්මක කොටස්කරුවන් විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ආණ්ඩුව වෙනස් වූ පමණින් සිතූ පැතු සම්පත් පහළ නොවන බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.