මාධ්‍යවේදීන් සඳහා විශ්‍රාම වැටුපක් හා රක්‍ෂණාවරණයක්

මාධ්‍යවේදීන් සඳහා විශ්‍රාම වැටුපක් හා රක්‍ෂණාවරණයක්

ඉදිරි අයවැය තුළින් මාධ්‍යවේදීන් සඳහා විශ්‍රාම වැටුපක් හා රක්‍ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ජනමාධ්‍යවේදීන් අව්ව වැස්ස රෑ දහවල් නොබලා රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරන බවත් ඔවුන් රැකබලා ගැනීමට මෙතෙක් කිසිදු රජයක් ඉදිරිපත් නොවූ බවත් සමරසිංහ මහතා අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය. ඒ වගේම ඔවුන් භාවිත කරනු ලබන උපකරණ සම්බන්ධයෙන් පවතින බදු පිළිබඳව අයවැය තුළින් ක්‍රියාමාර්ග ගන්නා බවද
සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

 

Diwaina –  රංග චතු