රිලා රංචුවක් හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ජනතාව දැඩි අපහසුතාවයකට පත්වෙයි

රිලා රංචුවක් හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ජනතාව දැඩි අපහසුතාවයකට පත්වෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටලාව ප්‍රදේශයට කඩාවදින රිලා රංචුවක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩිලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙලෙස කඩාදින රිලා රංචුව විසින් එම ප්‍රදේශයේ ජනතාව වගාකර තිබෙන පොල්,කෙසෙල්,ඇතුළු බෝග වර්ග වලට මෙන්ම නිවාස වල තිබෙන බඩු බාහිරාදියට මෙම රිලවුන් දැඩිලෙසම හානි සිදුකරන බවයි.

ඒ හේතුවෙන් මේ වන විට මෙම ප්‍රදේශයේ ජනතාව දැඩිලෙස අපහසුතාවයට පත්ව ඇති බව ඔවුන් පවසනවා.

වසර ගණනාවක සිට පවතින මෙම ගැටලුව පිළිබඳව බළදාරීන් කොතෙකුත් දැනුවත් කළත් ඊට නිසි විසදුම් තවමත් ලබා නොදුන් බව මෙම ප්‍රදේශයේ ජනතාව පවසනවා.

එම නිසා තවදුරටත් මෙම ගැටලුව උත්සන්න වීමට ප්‍රථමව මෙම රිලා ගැටලුව සදහා නිසි විසදුමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බළදාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.